“සුදු බෝලෙට” විතරක් හිත ගිය ඩේවිඩ් වෝනර්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
17

“සුදු බෝලෙට” විතරක් හිත ගිය ඩේවිඩ් වෝනර්

“සුදු බෝලෙට” විතරක් හිත ගිය ඩේවිඩ් වෝනර්

ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

 

ඒ අනුව ඔහු එළඹෙන (2023) වර්ෂයේ පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලියෙන් පසු ක්‍රීඩාවට සමුදීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


තමන් 20-20 ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන බවත් ඒ අනුව එළඹෙන 2024 වර්ෂයේදී කොදෙව් දූපත් හා ඇමරිකාවේදී පැවැත්වෙන 20-20 ලෝක කුසලානය දක්වා රැඳී සිටින බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ.

 

36 හැවිරිදි වියේ පසුවන වෝනර් 2011 වසරේ සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කල අතර මේ වනවිට ටෙස්ට් ඉනිම් 176 කට ක්‍රීඩා කරමින් ලකුනු 7817 ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

 

එහි ඉනිමක ලකුනු සාමාන්‍යය 46.52ක් වන අතර ශතක 4ක් හා අර්ධ ශතක 34 ක් හිමිකරගෙන පාකිස්ථානයට එරෙහිව ත්‍රිත්ව ශතකයක්ද වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.

views

108 Views

Comments

arrow-up