ටිම් සවුති මාලිංග තැබූ වාර්තාවක් සම කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

ටිම් සවුති මාලිංග තැබූ වාර්තාවක් සම කරයි

ටිම් සවුති මාලිංග තැබූ වාර්තාවක් සම කරයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තද ඉන්දියාවට එරෙහිව ඊයේ (20දා) පැවති පන්දු වාර 20යි 20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 55 ක පරාජයක් අත්විය.

 

ටිම් සවුති ලබා ගත් දෙවැනි කඩුලු ත්‍රිත්වය එය වූ අතර ඔහු 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් දවා ගත් දෙවැනි පන්දු යවන්නා බවට පත් විය.

 

මීට පෙර එවැනි දක්ෂතාවයක් දක්වා තිබුණේ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පමණි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගත්තේය.

 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් සිය දෙවැනි ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තේය.

 

පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 3 ක් බිඳ හෙලූ අතර ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා (13), දීපක් හූඩා (0) හා වොෂින්ටන් සුන්දර් (0) යන පිතිකරුවෝ සවුති ගේ කඩුලු ත්‍රිත්වයේ ගොදුරු විය.

views

128 Views

Comments

arrow-up