රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් සමාජයේ සිටිය හැකියි – සෞඛ්‍ය අමාත්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් සමාජයේ සිටිය හැකියි – සෞඛ්‍ය අමාත්‍ය

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් සමාජයේ සිටිය හැකියි – සෞඛ්‍ය අමාත්‍ය

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝගීන් සමාජයේ සිටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.


එබැවින් ඇඳිරි නීතිය ලිහිල් කල පසු ජනතාව සමාජ දුරස්ථභාවය අනිවාර්යයෙන් ආරක්ෂා කළ යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.

 

"ඇඳිරි නීතිය ලිහිල් කරාට පස්සේ සමාජයේ යම් යම් තැන්වල ඉන්න පුළුවන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නැති රෝගීන් ඉදීමට හැකියාවක් තියෙනවා.

 

ඒ වගේම ඒකට අපි ගත යුතු හොඳම ක්‍රියා මාර්ගය වන්නේ නැවත නැවතත් අපි කියලම සෞඛ්‍ය අංශය ඔබෙන් ඉල්ලා ඇති පරිදි ඒ කටයුතු කරන්න කියලා.

 

ඔබේ අත් දෙක යම්කිසි ස්ථානයකට යනකොට පිරිසිදු අත සෝදන ඒ ස්ථානයට ඇතුළු වෙන්න ස්ථානවලින් අපි ඉල්ලා සිටිනවා යම් කඩයක් ඉන්න පුළුවන් යම්කිසි සුපර්මාකට් එකක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් යම්කිසි කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන් ඒ යන හැමතැනකදිම අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා ඔබ ඇතුළු හැම ස්ථානයකම අත් පිරිසිදුව තබා ගැනීම සඳහා අත්දෙක යම්කිසි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න කියලා."

views

945 Views

Comments

arrow-up