IDH රෝහල උපරිමයට එයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

IDH රෝහල උපරිමයට එයි

IDH රෝහල උපරිමයට එයි

කොරෝනා වෛරසය ආසාදිතව ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් ගණන 140 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඒ අනුව, එම රෝහලට ඇතුළත් කරගත හැකි රෝගීන් සංඛ්‍යාව මේ වනවිට උපරිම මට්ටමට පැමිණ ඇති බවයි එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පැවසුවේ.

 

දැනට නේවාසිකව ප‍්‍රතිකාර ලබන පිරිස අතරින් යම් පිරිසක් සුව අතට හැරී වෛරසය නොමැති බවට තහවුරු වන තෙක් රඳවාගෙන සිටින අය බව ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සඳහන් කළා.

 

ඒ අනුව IDH රෝහලට අළුතින් රෝගීන් ඇතුළත් කරගැනීමට නම්, දැනට සුවය ලබා ඒ සම්බන්ධයෙන් වන වාර්තා ලැබෙන තුරු IDH රෝහලේ රඳවාගෙන සිිටින පිරිස වෙනත් රෝහලක් වෙත යොමු කිරීමටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත්තේ. 

 

views

923 Views

Comments

arrow-up