සහරාන්ගේ වනාතවිල්ලුව අරාබි පාසලේදී අවි පුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපොච්ඡාරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

සහරාන්ගේ වනාතවිල්ලුව අරාබි පාසලේදී අවි පුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපොච්ඡාරණය කරයි

සහරාන්ගේ වනාතවිල්ලුව අරාබි පාසලේදී අවි පුහුණුව දුන් හැටි පාසල් සිසුවෙකුම පාපොච්ඡාරණය කරයි

වනාතවිල්ලුව කාරතිව් අරාබි පාසලේ ඉගෙනුම ලැබූ සිසුන්ට අවි පුහුණුව ලබා දී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. ඒත් සමගම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කළා.

 

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින 14 හැවිරිදි සිසුවෙකු ලබා දී ඇති ප්‍රකාශ අනුව මෙසේ විමර්ශන කටයුතු ආරම්භ කෙරුණා. කාරතිව් අරාබි පාසල 2008 වසරේදී ආරම්භ කෙරුණා. එය 2018 වසරේ අවසානය දක්වා පවත්වාගෙන ගොස් තිබෙනවා. විවිධ ප්‍රදේශවල දෙමව්පියන් අහිමි දරුවන් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් මෙම පාසලේ ඉගෙනුම ලැබුවා. එමෙන්ම මෙම පාසලේ අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු සිදුකර ඇති බවටයි හෙළිව තිබෙන්නේ.

 

අරාබි පාසල මෙහෙයවා ඇත්තේ සහරාන් බවට ද තොරතුරු ලැබී තිබෙනවා. දරුවන්ට අවි පුහුණුව ලබා දෙමින් ඉලක්කවලට වෙඩි තැබීමට පුහුණු කර ඇති බව අදාළ ශිෂ්‍යයා පාපොච්ඡාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

 

පසුගිය දිනක මෙම සිසුවා ඇතුලු සැකකරුවන් පිරිසක් අරාබි පාසලට රැගෙන ඒමට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. එහෙත් අවි පුහුණුව ලබා දුන් ස්ථානය නිශ්චිතව පෙන්වීමට එම දරුවා අසමත් වී ඇත්තේ අදාළ ස්ථානයෙන් ඉදිකිරීම් කිහිපයක් සිදුකර තිබීම හේතුවෙනුයි.

views

811 Views

Comments

arrow-up