තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා 04වනදා සිට විවෘතයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා 04වනදා සිට විවෘතයි

තැපැල් කාර්යාල සාමාන්‍ය රාජකාරී සඳහා 04වනදා සිට විවෘතයි

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා රජය විසින් ගනු ලැබු ආරක්ෂිත ක්‍රමෝපායන් අනුව සාමාන්‍ය සේවා අත්හිටුවා තිබු තැපැල් කාර්යාල පද්ධතිය මැයි මස 04වන දින සිට සාමාන්‍ය රාජකාරි සඳහා සම්පුර්ණයෙන් විවෘත කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.

 

 

ඒ අනුව 2020 මැයි මසට අදාළ මහජනාධාර මාසික දීමනා, වැඩිහිටි දීමනා ගොවි විශ්‍රාම වැටුප් හා විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුළුවල දී ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

 

 

ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීමටත්, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු සිදු කිරීමටත් දේශීය ‍තැපෑල සඳහා ලිපි සහ තැපැල් භාණ්ඩ බාර දීමටත් මේ දින සිට මහජනතාවට ඒ අනුව අවස්ථාව හිමිවෙයි.

 

 

සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද තැපැල්පතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

views

830 Views

Comments

arrow-up