නැවක් උසස් වෙනවා දැකල තියෙනවාද? - ජායාරූප සහිතයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

නැවක් උසස් වෙනවා දැකල තියෙනවාද? - ජායාරූප සහිතයි (PHOTOS)

නැවක් උසස් වෙනවා දැකල තියෙනවාද? - ජායාරූප සහිතයි (PHOTOS)

නාවික හමුදාට අලුතෙන්ම එක් වූ  එක් වූ පී 627 ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාව ජනාධිපති,සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ  විසින්  ‘විජයබාහු’ නමින් අධිකාරියට පත් කිරීමේ අභිමානවත් උත්සවය කොළඹ වරාය පරිශ්‍රයේ නැගෙනහිර පර්යන්තයේදී සිදුකෙරිණි. 

 

ජනාධිපති උත්තමාචාර වලින් අනතුරුව මෙම නෞකාවේ අභිනව අණදෙන නිලධාරී, කපිතාන් ලංකා දිසානායක වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ජනාධිපතිවරයා  විසින් ප්‍රදානය කරන ලද අතර, අණදෙන නිලධාරී විසින් සන්නස් පත්‍රය නෞකාව මත සිට ප්‍රකාශයට පත් කරමින් නෞකාවේ අණසක ගෞරව බහුමානයෙන් යුක්තව භාර ගන්නා බවට ප්‍රතිඥා දෙන ලදී. 

  

මේ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ආරාධනයෙන්, ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ගරු ජුලි චන්ග්, වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ් ද ෆීලීට්, වසන්ත කරන්නාගොඩ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, සාගල රත්නායක, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න  (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ සහ පොලිස්පති සීඩී වික්‍රමරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

 

ඇමෙරිකානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රි ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් තෙවන නෞකාව ලෙස විජයබාහු නෞකාව ලබා දීම සනිටුහන් වනු ඇත.

 

මෙම නෞකාව, සියැටල් වරායේදී ශ්‍රී  ලංකා නාවික හමුදා මෙහෙයුම් අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් නවීකරණ කටයුතු කොට  අනතුරුව, පසුගිය 2022 සැප්තැම්බර් මස 03 වන දින සියැටෙල් වරායේ සිට කොළඹ වරාය බලා ගමන් ආරම්භ කර, ශාන්තිකර සාගරය සහ ඉන්දියානු සාගරය ඔස්සේ නාවික සැතපුම් 10656 ක් පමණ වූ (කිලෝමීටර් 19734 ක් පමණ) දීර්ඝ මුහුදු ගමනකින් අනතුරුව, 2022 නොවැම්බර් මස 02 දින පී 627 නෞකාව කොළඹ වරාය වෙත සේන්දු විය.

 

 

 

 

 

views

45 Views

Comments

arrow-up