බෙල්ලෝ අල්ලන්න ගිය තරුණයාව මුහුදු රළ රැගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

බෙල්ලෝ අල්ලන්න ගිය තරුණයාව මුහුදු රළ රැගෙන යයි

බෙල්ලෝ අල්ලන්න ගිය තරුණයාව මුහුදු රළ රැගෙන යයි

මුලතිව්, චලෙයි මුහුදු තීරයේදී පුද්ගලයෙකු මුහුදු රළට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.

 

ඊයේ (20) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇත.

 

අතුරුදන් වූ පුද්ගලයා 25 හැවිරිදි ඉරණපලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අදාළ පුද්ගලයා චලෙයි වෙරළ තීරයේ මෝයකට ආසන්නයේ බෙල්ලන් ඇහිඳීමට ගොස් මුහුදට වැටී ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

 

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදා සහාය ඇතිව සෝදිසි මෙහෙයුමක් මුලතිව් පොලීසිය විසින් ක්‍රියාත්මක කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

54 Views

Comments

arrow-up