දරුවන්ට මත්කරල් විකුණු උපකාරක පන්ති ගුරා මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

දරුවන්ට මත්කරල් විකුණු උපකාරක පන්ති ගුරා මාට්ටු

දරුවන්ට මත්කරල් විකුණු උපකාරක පන්ති ගුරා මාට්ටු

පාසල් දරුවන්ට කලක සිට මත්කරල් මුදලට විකුණු උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතර දකුණු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, එහිදී මත්කරල් 1,299ක් ද සොයා ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරුවලට අනුව වැටලීම සිදුකර තිබේ.

 

අත්අඩංගුවටගත් සැකකරු ගණිතය සහ විද්‍යාව විෂයයන්වලට අදාළව උපකාරක පන්ති පවත්වන පුද්ගලයකු බව පොලීසිය පැවසීය.

 

දෙදරු පියකු වන සැකකරු කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිටින අයෙක් බවත් මාවනැල්ල ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලීසිය වෙත භාරදී ඇත.

views

150 Views

Comments

arrow-up