පාසල් රැසක ගුරුවරියන් සාරියෙන් වෙන ඇදුම් වලට මාරුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

පාසල් රැසක ගුරුවරියන් සාරියෙන් වෙන ඇදුම් වලට මාරුවෙයි

පාසල් රැසක ගුරුවරියන් සාරියෙන් වෙන ඇදුම් වලට මාරුවෙයි

අද(21) දිනයේ ප්‍රදේශ කිහිපයක පාසල්වල ගුරුවරියන් සාරිය හා ඔසරිවලින් තොරව සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණ සිටියහ.

 

ඔසරිය හා සාරිය වෙනුවට වෙනත් සුදුසු සැහැල්ලු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවසර දෙන්නැයි ගුරු සංගම් විසින් රජයට පසුගියදා ඉල්ලීමක් කරන ලද නමුත් රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

 

ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් අද දිනයේ මෙසේ ගුරුවරියන් විසින් වෙනත් ඇදුමකින් සැරසී පාසලට පැමිණ සිටියහ.

views

78 Views

Comments

arrow-up