කිව්.ආර් අවසන් - ඉන්ධන බෙදීම සාමාන්‍ය පරිදි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

කිව්.ආර් අවසන් - ඉන්ධන බෙදීම සාමාන්‍ය පරිදි

කිව්.ආර් අවසන් - ඉන්ධන බෙදීම සාමාන්‍ය පරිදි

ඉන්ධන කෝටාව ඉවත් කර සාමාන්‍ය පරිදි ඉන්ධන අලෙවිය ආරම්භ වූ පසු ඉන්ධන මිල සංශෝධනය දෛනික ව සිදු කිරීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කංචන විජේසේකර සඳහන් කරයි.

 

මාස්පතා ඉන්ධන මිල සංශෝධන යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 

ඒ අනුව එළඹෙන මස සිට ඉන්ධන මිල මාසිකව සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කලේය.

 

ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

views

58 Views

Comments

arrow-up