කිරිපිටි කිලෝ ලක්‍ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

කිරිපිටි කිලෝ ලක්‍ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා

කිරිපිටි කිලෝ ලක්‍ෂ 4 ක් දින 25 ක් වරායේ හිරවෙලා

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම නිසා කිරිපිටි කිලෝග්‍රැම් ලක්‍ෂ 4 ක් අඩංගු කන්ටේනර් 17 ක් දින 25 ක කාලයක් කොළඹ වරායේ සිරවී ඇති බව කිරිපිටි ආනයන සමාගමේ හිටපු සභාපති ආචාර්ය ලක්‍ෂ්මන් විජේසූරිය මහතා අද (15) පැවසීය.

 

 

මෙම කිරිපිටි කන්ටේනර් 17 සඳහා මේ වන වි ප්‍රමාද ගාස්තු ලක්‍ෂ 40 ක් ගෙවීමට සිදුව ඇති බවත් ඒ හේතුවෙන් කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් විජේසූරිය මහතා කීය.

 

 

නැවට කිරි පටවන විට එක නිතියක්ද, නැවත මුහුද මැද තිබෙන විට තවත් නීතියක්ද, කොළඹ වරායට නැව ළගාවීමෙන් පසුව තවත් නීතියක්ද ක්‍රියාත්මක කිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බව කී විජේසූරිය මහතා සඳහන් කළේය එම කන්ටේනර් නිදහස් කිරීමට කර්මාන්ත අමාත්‍යංශයෙන් අනුමැතිය ලැබී තිබුණ ද ආනයන හා අපනයන පාලකවරිය කිරිපිටි කන්ටේනර්  සිරකගෙන සිටින බවත්ය.

views

87 Views

Comments

arrow-up