කොළඹින් නව ආසාදිතයන් දෙදෙනෙක් මතුවීම අගනගරයට ඇති අවදානම දැඩි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

කොළඹින් නව ආසාදිතයන් දෙදෙනෙක් මතුවීම අගනගරයට ඇති අවදානම දැඩි කරයි

කොළඹින් නව ආසාදිතයන් දෙදෙනෙක් මතුවීම අගනගරයට ඇති අවදානම දැඩි කරයි

ශ්‍රී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 771 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

 

සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 213 ක්. ඊයේ (05) දිනයේ දි තවත් මරණයක් වාර්තා වීමත් සමඟ මියගිය ගණන නවයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

 

ඒ අනුව 549 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 213 ක්.

 

ඊයේ (05) හදුනාගත් විසි දෙනාගෙන් 15 දෙනෙකු නාවික හමුදා රණවිරුවන් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රකාශ කළා.

 

රාජගිරිය – බණ්ඩාරනායකපුර සහ කොලොන්නාව – සාලමුල්ල යන ප‍්‍රදේශ වලින් ද ආසාදිතයන් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

views

795 Views

Comments

arrow-up