අවුරුදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ පැළඳීවීමෙන් වළකින්න – සෞඛ්‍ය අංශ දන්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

අවුරුදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ පැළඳීවීමෙන් වළකින්න – සෞඛ්‍ය අංශ දන්වයි

අවුරුදු 2ට අඩු ළමයින්ට මුහුණු ආවරණ පැළඳීවීමෙන් වළකින්න – සෞඛ්‍ය අංශ දන්වයි

අවුරුදු 2ට අඩු දරුවන්ට මුහුණු ආවරණ පැළඳීමෙන් වැලකී සිටින ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

 

මේ හේතුවෙන් කුඩා දරුවන් ශ්වසන අපහසුතාවලට ලක්විය හැකිබවත් එමඟින් ඔවුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැකි බවත් විශේෂඥයින් අනතුරු අඟවනවා.

 

Covid -19 ව්‍යාප්තිය වලක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රීයාකාරකම් සිදුකරන ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය විසින් නිකුත් කරනු ලැබුවා.

 

ස්වසන අපහසුතා ඇතිවීම වැලැක්වීම සඳහා අවුරුදු 2ට අඩු දරුවන් මෙලෙස මුහුණු ආවරණ පැලදීමෙන් වැලකී සිටිය යුතු බව එහි ද සඳහන් කර තිබෙනවා.

 

එමෙන්ම වයස අවුරුදු තුනේ සිට පහ දක්වා දරුවන්ට මුහුණු ආවරණ පැලදීමට ඉගැන්විය හැකියි.

 

මූලික සෞඛ්‍ය නීතිරීතිවලට අනුව මුඛ ආවරණ නිසි ලෙස පැළඳ සිටීමට එම ආයතන, කාර්ය මණ්ඩල සහ පෙර පාසැල් ගුරුවරුන් කටයුතු කළ යුතු බව එම උපදෙස් මාලාවේ සඳහා වෙනවා.

views

722 Views

Comments

arrow-up