ඩෙංගු කොරෝනාවට වඩා බරපතල වෙන්න පුළුවන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ඩෙංගු කොරෝනාවට වඩා බරපතල වෙන්න පුළුවන්

ඩෙංගු කොරෝනාවට වඩා බරපතල වෙන්න පුළුවන්

මේ දිනවල පවත්නා මෝසම් වැසි තත්ත්වය නිසා ඩෙංගු  උවදුර හිස ඔසවිය හැකි හෙයින් එය පාලනය නොකළොත් කොරෝනාවට වඩා බරපතල තත්ත්වයක් මතුවිය හැකි බව ජාතික වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. 

 

එහෙයින් අඛණ්ඩව කොරෝනා පාලනයට ලබා දුන් උපදෙස් එලෙසම ක්‍රියාත්මක කළ යුතු වන අතර ඩෙංගු මදුරුවන් බෝ විය හැකි සියලුම ස්ථාන පාහේ විනාශ කරන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

ඩෙංගු වෛරසයද කොරෝනා වෛරසය මෙන් පසුගිය කාලය පුරා විවිධ ප්‍රභේදයන්ගෙන් මතුව ඇති හෙයින් රෝග ව්‍යාප්තිය වර්ධනය වුවහොත් එය බරපතල තත්ත්වයක් වන අතර නැවත කොරෝනා රැල්ලක්ද මතු විය හැකි බව හෙතෙම අවධාරණය කරයි. 

views

673 Views

Comments

arrow-up