ඉන්දුනීසියාවට ගසා ගෙන ගිය ධීවර යාත්‍රා බේරාගෙන එන්න නාවික හමුදාව පිටත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ඉන්දුනීසියාවට ගසා ගෙන ගිය ධීවර යාත්‍රා බේරාගෙන එන්න නාවික හමුදාව පිටත් වෙයි

ඉන්දුනීසියාවට ගසා ගෙන ගිය ධීවර යාත්‍රා බේරාගෙන එන්න නාවික හමුදාව පිටත් වෙයි

පසුගිය දින කිහිපය පුරා බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේනද්‍ර කර ගිනිමින් ඇතිවූ ‘අම්ෆන්’ සුලි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසා ගෙන ගිය මෙරට බහුදින ධීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාවට අයත් අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් පිටත් කර යැවීමට නාවික හමුදාව අද (21) කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

 

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා 30කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස ඉන්දුනිසියාව ආශ්‍රීත මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් ඇති අතර, සුලි කුණාටුවේ බලපෑම පහව යාමත් සමඟ නැවත එම ධිවර යාත්‍රා ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටී. ගොඩ බිම වෙත පැමිණෙමින් තිබෙන බහුදින ධීවර යාත්‍රාවන්ට සහය සහ ඉන්ධන ලබා දීම සඳහා නාවික හමුදාව විසින් මෙලෙස නාවික හමුදාව සතු අධිතාක්‍ෂණ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව අද පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.

views

687 Views

Comments

arrow-up