ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් විතරක් කතා කිරීම වැරදියි – TNA
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් විතරක් කතා කිරීම වැරදියි – TNA

ජනාධිපති සිංහල බෞද්ධයන් වෙනුවෙන් විතරක් කතා කිරීම වැරදියි – TNA

පසුගියදා පැවති විජයග්‍රහණය සමරු උළෙලේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කථාව ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කර සිංහල බෞද්ධ ජාතිය අමතමින් සිදුකරන ලද්දක් යැයි දෙමළ ජාතික සංධානය චෝදනා කරයි.

 

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා චෝදනා කරන්නේ මේ ආකාරයේ කතාවක් ජනාධිපතිවරයා විසින් සිදුකිරීමෙන් රට තුළ සිංහල-බෞද්ධ නොවන ජනතාව ඇුතුළු දෙමළ ජනතාවට දැඩි මානසික පීඩනයක් ඇති වූ බවයි.

 

මෙරට සියලුම ජාතීන්ගේ නායකයා ලෙස පත්ව සිටින ජනාධිපතිවරයා විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් බෞද්ධ ජනතාව ඉලක්ක කරගෙන සිදු කිරීම බරපතල වරදක් බව ද ඔහු සඳහන් කළේය.

 

ජනාධිපතිවරයාගේ එම කතාවෙන් යුද අපරාධ සියල්ල වසන් කිරීමට උත්සාහ කල බවත් යුද්ධය සාධාරණීකරණය කර ඇති බවත් ඔහු කියා සිටියේය.

 

යාපනයේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම චෝදනා කරන ලදී.

views

828 Views

Comments

arrow-up