මාලිගාවත්තේ ආධාර බෙදා දීමේ ස්ථානයක තෙරපීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

මාලිගාවත්තේ ආධාර බෙදා දීමේ ස්ථානයක තෙරපීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

මාලිගාවත්තේ ආධාර බෙදා දීමේ ස්ථානයක තෙරපීමකින් තිදෙනෙක් ජිවිතක්ෂයට

මාලිගාවත්ත ප්‍රදේශයේ ආධාර බෙදා දීමේ ස්ථානයකදී ඇතිවූ අධික තෙරපිමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙක් ජිවිත්ක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කලේ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 08 දෙනෙක් රෝහල් ගත කර ඇති බවයි. මේ සියලු දෙනා කාන්තාවන් වනවා.

 

අධික තෙරපීම නිසා රෝහල් ගත කළ තුවාලකාරියන් අතරින් සිව්දෙනෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

 

මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් අසල පුද්ගලයෙකු විසින් මෙම ආධාර බෙදා දීම සිදුකර ඇති අතර එහිදී මෙම තෙරපීම සිදුව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන සැකකරුවන් 06 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

753 Views

Comments

arrow-up