නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වූ ආකාරය තවමත් සොයයි

11 වන විජයග‍්‍රාහී සැමරුමේ පෙළපාලිය සඳහා පෙරහුරුවකට සහභාගිව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික සෙබළුන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ දෙවන PCR පරීක්ෂණයේ වාර්තාවන් මේ දක්වා ලැබී නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පැවසුවේ.
මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා ඇතුළු කණ්ඩායමක් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී නිවාඩු ගොස් යලි කඳවුරු වෙත කැඳවා තිබුණා. ඔවුන්ව මරදාන ප‍්‍රදේශයේ පිහිටි ස්ථානයක මාසයකට ආසන්න කාලයක් නිරෝධායනයට ලක් කර සිටි සෙබළුන් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.
එලෙස නිරෝධායනයට ලක් කර තිබු පිරිස විජයග‍්‍රාහී සැමරුම් පෙළපාලියට අනුයුක්ත කිරීමට පෙර PCR පරීක්ෂණයට භාජනය කළ අතර එහිදී මෙම සෙබළුන් දෙදෙනා පමණක් කොරෝනා ආසාදිතයින් ලෙස හෙළිවී තිබුණා.
මෙම සෙබළුන් පුරා මාසයක කාලයක් නිරෝධායනයට ලක් කර තිබීම සහ ඔවුන්ට පිටත සමාජයට නිරාවරණය නොවී තිබීමේ පසුබිමක් තුළ කොරෝනා ආසාදිතයින් බවට පත්වීම ප‍්‍රහේලිකාවක් බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේ.
ඔවුන්ගේ ජෛව සාම්පල් යලිත් වරක් PCR පරීක්ෂණයන්ට යොමු කර ඇති බවත් එහි ප‍්‍රථිපල අද (21) රාත‍්‍රියේදී ලැබෙනු ඇති බවත් ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වැඩිදුරටත් පැවසුවා.
1113 Views
Comments