හමුදා කැබ් රථයක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
28

හමුදා කැබ් රථයක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

හමුදා කැබ් රථයක ගැටීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට

හමුදා කැබ් රථයක ගැටීමෙන් යතුරු පැදියක ගමන් ගත් පොලිස් සැරයන්වරයෙකු නාරම්මලදී මිය ගොස් තිබෙනවා.

 


අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රී 7.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

 

පුදුකුඩිඉරිප්පු හමුදා කඳවුරට අයත් කැබ් රථයක් සහ නාරම්මල පොලිස් රථවාහන අංශයේ සේවය කරන සැරයන්වරයෙකුගේ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

 

පොලීසිය පැවසුවේ අනතුරෙන් තුවාල ලැබූ සැරයන්වරයා නාරම්මල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි.

 

කුරුණැගල, බෝයගනේ ප්‍රදේයේ පදිංචි සිටි 47 හැවිරිදි ඔහු එක්දරු පියෙකු බවත්, නාරම්මල පොලීසියට අනුයුක්තව වසර 8 ක කාලයක් සේවය කර ඇති බවත් අප වාර්තාකරු සඳහන් කළා.

 

අනතුරෙන් යතුරු පැදියට දැඩි හානි සිදුව ඇති අතර කැබ් රථයෙහි පැමිණි කිසිවෙකුට අනතුරක් වී නොමැත.

views

529 Views

Comments

arrow-up