සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් යානයක් පාකිස්තානය බලා පියාසර කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් යානයක් පාකිස්තානය බලා පියාසර කරයි

සිසුන් රැගෙන ඒමට ශ්‍රී ලංකන් යානයක් පාකිස්තානය බලා පියාසර කරයි

දැනට පවතින සංචාරක සීමාවන් හේතුවෙන් විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකික සිසුන් 433 දෙනෙකු ගෙන ඒම සඳහා ශ්‍රී ලාංකික ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර්, පාකිස්තානයේ කරච්චි, ලාහෝර් සහ නේපාලයේ කත්මණ්ඩු යන රටවලින් විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කර තිබෙනවා.

 

විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගයෙන්.

 

අද (21) දින ලාහෝරයේ සිට ශ්‍රී ලාංකිකයින් 93 දෙනෙකු සහ කරච්චි නුවර සිට 20 දෙනෙකු යූඑල් 1206 ගුවන් යානයෙන් ආපසු පැමිණීමට නියමිතයි.

 

අපේ‍්‍රල් 23 වන දින තවත් 101 ක් යූඑල් 146 ගුවන් යානයෙන් අමරිට්සර් සිට ආපසු පියාසර කරනු ඇත.

 

තවත් විශේෂ ගුවන් ගමන් දෙකක්, අප්‍රේල් 24 වන දින, යූඑල් 194 ගුවන් යානයෙන් කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 ක් සහ යූඑල් 1425 හි තවත් 93 ක් කැට්මන්ඩු සිට ආපසු ගෙන ඒමට නියමිතයි.

 

මෙම ප්‍රාන්තවල ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාල විසින් මෙම විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවසර ලබාගෙන තිබෙනවා.

 

නැවත පැමිණෙන්නන් ශ්‍රී ලංකාවට පැමිණි පසු අවශ්‍ය ක්‍රියා පටිපාටි සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන්, ත්‍රිවිධ හමුදාව භාරයට භාර දෙනු ලබන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරන්නේ.

views

710 Views

Comments

arrow-up