මෙෙත්‍රී ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

මෙෙත්‍රී ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

මෙෙත්‍රී ඇතුළු දේශපාලකයන් නීතිය හමුවට ගෙන ආ යුතුයි

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවලට අදාළව බරපතළ ලෙස යුතුකම් පැහැර හැරිය බවට චෝදනා එල්ල වන හිටපු සේනාධිනායකයා ඇතුළු දේශපාලකයන්ද ආරක්ෂක අංශවල ඇතැම් අය ගැන ද විභාග කර ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.

 

ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ සියලුදෙනා වෙනුවෙන් අපේ යුතුකම වන්නේ මෙම බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි අපරාධකරුවන් සහ එය සැලසුම් කළ අය ජනතාවට හෙළිදරව් කිරීමයි. ප්‍රහාරය සිදුව වසරයි. එහෙත් අපරාධකරුවන් හෙළිදරව් වී නැහැ යැයිද උන්වහන්සේ සඳහන් කරයි.

 

පාස්කු ප්‍රහාරයට වසරක් පිරීම නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

 

ප්‍රහාරය මෙහෙය වූ අයගේ සැලැස්ම වූයේ ජාතිවාදී, ආගම්වාදී අරගලයක් රටේ ඇති කර විදේශීය බලවේගවලට මෙහි ඇඟිලි ගැසීමට ඉඩ සලස්වාදීමයි. එම අනතුර වැළකී ගිය බවද කළ යුත්තේ මෙම සිද්ධියේදී මියගිය අයට සහ තුවාල ලැබූ අය වෙනුවෙන් යාඥා කරමින් සහ පින් අනුමෝදන් කරමින් සහෝදරත්වය පෙන්වීම යැයිද උන්වහන්සේ කියා සිටී.

 

ඕනෑම බිහිසුණු ඝාතනයක් සිදුකර රතු ඵලස යට සඟවන අයුක්ති සහගත සහ පාපතර සංස්කෘතිය අප රටෙන් දැන් නිමා කළ යුතු බවද උන්වහන්සේගේ අදහස වෙයි.

 

ජනාධිපති කොමිසම මේ වනතුරු කර ඇති වැඩ කොටස අවංකවම අගය කරන උන්වහන්සේ දැනට සිදු කරන විමර්ශන ද විනිවිධභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව තවදුරටත් ගැඹුරින් සිදුවිය යුතු බවටද අවධාරණය කර සිටී.

views

775 Views

Comments

arrow-up