පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වැසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වැසෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ වැසෙයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට දින තුනක් තාවකාලිව වසා තැබීමට තීරණය කළ බව වෙළඳ සංගමය පවසයි.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සියලු පරිශ්‍රයන් නාවික හමුදාව අද  විෂබීජහරණයට ලක් කළා.

 

පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු සොයා ගැනීමත් සමග ඔහු ගැවසුණු ස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු දැන් සිදුකෙරෙනවා.

 

ඒ අනුවයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ ද විෂබිජහරණයට ලක් කෙරුණේ.

 

නාවික හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික හදිසි ප්‍රතිකාර ඒකකය විෂබීජහරණ කටයුතු සිදු කළා.

 

views

772 Views

Comments

arrow-up