සෙනසුරාදා කොළඹ අවට පැය 18ක ජල කප්පාදුවක්

30 සෙනසුරාදා දිනයේ දී කොළඹට අවට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිකාකන්ද දක්වා ජලය සැපයෙන් ප්‍රධාන නල මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජාල සැපයුම අත්හිටවනු ඇත.
කොළඹ 2, කොළඹ 3, කොළඹ 7, කොළඹ 08, කොළඹ 9 සහ කොළඹ 10 යන ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.
මීට අමතරව කොළඹ 01 ප‍්‍රදේශයට අඩු පීඩන තත්වයක් යටතේ එම කාලයේ දී ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ. අපහසුතා මඟහරවා ගැනීමට ජලය කල් වේලා ඇතිව රැස්කර තබා ගන්න ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක්ද කෙරුණා.
597 Views
Comments