ඇතින්නියන්ගේ මරණ ගැන අලූත් සැකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

ඇතින්නියන්ගේ මරණ ගැන අලූත් සැකයක්

ඇතින්නියන්ගේ මරණ ගැන අලූත් සැකයක්

රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග ප්‍රකාශ කරන ආකාරයට හබරණ – හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදි ඇතින්නියන් 06 දෙනෙකු සහ වන අලියෙකු මිය යාම පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට එළඹීමට නොහැකි වී තිබෙනවා.

 

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන සියළුම විෂ රසායනික එම ඇතින්නියන්ගේ සිරුරු කොටස්වලින් හමු නොවූ බව ඔහු පවසයි.

 

කෘමිනාශක, පළිභෝධනාශක, ආසනික් ඇතුළු සියළු විෂ වර්ග සඳහා එම පරීක්ෂාවන් සිදුකර ඇති අතර ඒ පිළිබඳ සැකය යොමු වී ඇත්තේ නිර්වින්දික ඖෂධයක් ඇතින්නියන්ගේ මරණයට හේතු වී ඇත්ද යන්න පිළිබඳවයි.

 

නිර්වින්දික ඖෂධ වුවද මාත්‍රාව ඉක්මවා ශරීරගත කිරීමෙන් වන සතුන්ගේ මරණය සිදුවිය හැකි බව රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග සඳහන් කළා.

 

මීට පෙර වනජීවි දෙපාර්තමේන්තුව විසින් ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ ශරීර ගත කිරීමක් බවට සැක පළ කර තිබෙනවා.

 

ඒ අනුවයි ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවේ අදාළ කමිටුව සිය වාර්තාව මඟින් සඳහන් කළේ කිසියම් විෂ වර්ගයක් ශරීර ගතවීමෙන් අලි මරණ සිදුවී ඇතැයි සැක කරන බවයි.

 

එලෙස ශරීර ගත වී ඇත්තේ කුමක් ද යන්න අනාවරණ නොවූ අතර අදාල විෂ වර්ගය කුමක්ද යන්න පිළිබඳව සොයාබැලීම සදහා එම වාර්තා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත දීමට නියමිතයි.

views

694 Views

Comments

arrow-up