පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව 23 පාර්ලිමේන්තුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව 23 පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව 23 පාර්ලිමේන්තුවට

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබන 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව, කමිටු සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසා තිබේ.

 

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට මැයි මස 22 වැනිදා, කතානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කාරක සභාව පත්කළ අතර ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම හැර අනෙකුත්  ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් මෙය නියෝජනය කළේය.

 

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව පාර්ශව  රැසකින් සාක්ෂි සටහන් කර ගැනීම මෙහිදී සිදුවූ අතර ඇතැම් සාක්ෂි විමසීම් මාධ්‍යට විවෘත කිරීමට ද කටයුතු යොදා තිබිණි.

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් ද මෙහිදී සාක්ෂි ලබාදීම සිදුකළේ ය.

 

එහි අවසන් වාර්තාව 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ 

views

583 Views

Comments

arrow-up