රාජ්‍ය මාධ්‍ය අවභාවිතය පිළිබඳ මැතිවරණ කොමිසමට යළි පැමිණිලක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

රාජ්‍ය මාධ්‍ය අවභාවිතය පිළිබඳ මැතිවරණ කොමිසමට යළි පැමිණිලක්

රාජ්‍ය මාධ්‍ය අවභාවිතය පිළිබඳ මැතිවරණ කොමිසමට යළි පැමිණිලක්

ගෝටාභය රාජපක්ෂ මහතාගේ මධ්‍යය කමිටුව මගින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත රාජ්‍ය මධ්‍යය අවභාවිතය පිලිබදව අද දින පැමිණිලි කර තිබෙනවා.

 

රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී සේවය යන ආයතන දෙකෙහි මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ 2019.10.07 යන දින සිට සතියක කාලයක තුළ ලබා ගත් තොරතුරු ඇතුළත් වාර්තාවක් මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමු කිරීමටද ඔවුන් කටයුතු කළා.

 

එහි සදහන් පරිදි නාලිකාවන්හි ප්‍රවෘත්ති විකාශයන් මෙන්ම වැඩසටහන් ද එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණයේදී වැඩි වාසි සහගත ලෙස ප්‍රචාරණ කටයුතු කරන බව සදහන් වනවා.

 

 

 

 

 

views

658 Views

Comments

arrow-up