උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයං පාලනයක් දෙන්න - දෙමල පක්ෂ 05 කින් කොන්දේසි 13 ක්

උතුරු - නැගෙනහිර ඒකාබද්ධ කර ස්වයංතීරණ ගැනීමේ අයිතිය ලබාගැනීම,උතුරු - නැගෙනහිර සිංහල ගම්මාන හා ජනතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් 13 ක් මුල් කරගෙන උතුරේ දෙමල දේශපාලන පක්ෂ 05ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියක් සම්බන්ධයෙන් මේ දින වල දේශපාලනමය කතාවක් පවතී.
ඉටු කිරීමට නොහැකි දැඩි කොන්දේසි කිහිපයක් මෙයට අයත් බවයි පැවසෙන්නේ.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාට පමණක් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවලියේ බලාපොරොත්තුව උතුරේ දෙමල ජනයාගේ ජන්දය වෙන්දේසියේ දැමීමද?
කෙසේවෙතත් දෙමල දේශපාලන පක්ෂ විසින් මේ සම්මතකරගත් යෝජනා අනාගත දේශපාලන අර්බුදයක් ඇති කරන්නක්ම විය හැකිය.
676 Views
Comments