ජනතා විරෝධතා හමුවේ ලෙබනන් කැබිනට් අමාත්‍යවරුන් 4ක් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
20

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් කැබිනට් අමාත්‍යවරුන් 4ක් ඉල්ලා අස්වෙයි

ජනතා විරෝධතා හමුවේ ලෙබනන් කැබිනට් අමාත්‍යවරුන් 4ක් ඉල්ලා අස්වෙයි

අඛණ්ඩව පැවැත්වෙන ජනතා විරෝධතා මධ්‍යයේ ලෙබනනයේ කැබිනට් අමාත්‍යවරුන් 4ක් ඉල්ලා අස් වී තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, උප අගමැති මෙන්ම කම්කරු, පරිපාලන සංවර්ධන සහ සමාජ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් එලෙස ඉල්ලා අස් වී ඇති බවයි.

 

ආර්ථික අර්බුද මධ්‍යයේ නව බදු පැනවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ කර අදට දින 4 ක් ගත වී තිබෙනවා.

 

කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනා ඉල්ලා අස් වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා ගැටලු විසදීමට හැකියාවක් නැතැයි පවසමින්.

 

ජනතා විරෝධතා උත්සන්න වීමත් සමග වට්ස්ඇප් ඇමතුම් සඳහා බදු අය කිරීමේ යෝජනාව ද ලෙබනන් රජය හකුලා ගත්තා.

 

එහෙත් පොදු දේපළවලට හානි කරමින් ටයර් පුළුස්සමින් ජනතාව විරෝධතාවල නිරත වන්නේ අග්‍රාමාත්‍ය සාද් හරීරීට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බල කරමින්.

 

විරෝධතා හේතුවෙන් මේ වනවිට විශාල දේපල හානියක් ද සිදුව තිබෙනවා.

 

මේ නිසා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති විරෝධතාකරුවන් ගණන 70 ක්.

 

 

 

views

785 Views

Comments

arrow-up