බලංගොඩ නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

බලංගොඩ නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්

බලංගොඩ නගරාධිපතිට එරෙහිව පරීක්ෂණයක්

‍අලෙවිය සඳහා තබා තිබූ එළවළු තොඟයකට භූමිතෙල් දමා විනාශ කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

 

පසුගියදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයින් පිරිසක් ඇදිරි නීතිය හේතුවෙන් බලංගොඩ ප්‍රදේශයේ සිය එළවළු ලොරිය නවතා තම ව්‍යාපාර කටයුතු කරගෙන ගොස් ඇති බව සඳහන්.

 

එහිදී එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ව්‍යාපාරිකයින්ට දැනුම්දී ඇති අතර පසුව ඔහු එම එළවළු තොගයට භුමිතෙල් දමා විනාශ කර ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපතිවරයාට ඓරහිව පරික්ෂණයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.

views

679 Views

Comments

arrow-up