ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක් !
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක් !

ලංකාවම ලොක්ඩවුන් කරන කතාව බොරුවක් !

රට මුලුමනින්ම වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

 

ඒ අනුව සමාජ මාධ්‍ය ජාල හරහා ගෙන යන අසත්‍යය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

මෙලෙස අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා තුල මුදා හරින සහ බෙදා හරින පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා  වැඩිදුරටත් පැවසීය.

views

710 Views

Comments

arrow-up