නිරෝධායන කාලය අවසන් කළ අයෙකුටත් කොරෝනා ආසාදනය වුණේ කොහොමද?
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

නිරෝධායන කාලය අවසන් කළ අයෙකුටත් කොරෝනා ආසාදනය වුණේ කොහොමද?

නිරෝධායන කාලය අවසන් කළ අයෙකුටත් කොරෝනා ආසාදනය වුණේ කොහොමද?

කොරියාවේ සේවය කර පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්වී පසුගිය 24 වැනදා සිය නිවෙස්වලට ගිය පුද්ගලයින් අතරින් කලුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනයවි ඇති බවට අනාවරණයවිමෙන් පසු එම පුද්ගලයා සමග බස් රථයේ පැමිණි ගාල්ල දිස්ත්‍රික්කයේ හය දෙනෙකු ද පරික්ෂණ සඳහා අද (04)දින  රෝහල් ගත කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.


 
මෙම හය දෙනාගෙන් එක් අයෙකු මාතර කොටවිල ලැබීම රෝහලටද අනෙක් පස් දෙනා කාරපිටිය රෝහලටද ඇතුලත් කර තිබෙනවා.


 
දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ මෙම හය දෙනාටද කොරෝනා වෛරසය වැළඳි ඇතිදැයි තහවුරු කර ගැනිම සඳහා පී.සි.ආර්.පරික්ෂණය කිරිමට මෙසේ රෝහල් ගත කල බවයි.

 

කොරෝනා නව වෙෙරසය වන COVID19  පුද්ගලයෙකුට අැතුළු වී තිබියදී සමහරෙකුට රෝග ලක්ෂණ පෙන්වීමේ කාලය ඉතා දිගු කාලයක් වීමත්, ඒය තීරණය කිරීම තාමත් විශේෂඥයින්ට අපහසු වී තිබෙනවා. 

 

කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකටද කොරෝනා වෙෙරසය අසාදනය වූයේ කොරෝනා ලක්ෂණ නොපෙන්වන සිය සැමියාගෙන් බව බෙරුවෙල MOH, වෙෙද්‍ය වරුණ සේනවිරත්න මහතා පැවසුවා. 

 

මේ අනුව සාස් තරම් මරණය ඉතා ඉක්මනින් සිදු නොවුණද කොරෝනා නව වෙෙරසය වන COVID19 ඊට වඩා භයානක වන්නේ පැතිරයාමේ හැකියාව වැඩිවීමත් , රෝග ලක්ෂණ නොපෙන්වීමත් නිසාවෙනි.

 

 

views

873 Views

Comments

arrow-up