බේරුවල ගැබිණි කාන්තාවට කොරෝනා වැළදුණේ රෝග ලක්ෂණ නොපෙන්වන සැමියාගෙන් ! - MOH (වීඩියෝ)

නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙක්ම වාර්තා වූ අතර රෝහල් බලධාරින් සඳහන් කර සිටියේ එම කාන්තාව රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ලෙස ලබාදී ඇත්තේ සිය මවගේ නිවසේ ලිපිනය බවයි.
මේ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය වැලදී තිබු කාන්තාවට නිරාවරණය වීමෙන් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
1241 Views
Comments