අනුරාධපුරටත් කොරාේනා අවදානම! නගර 04ක් වසා දැමේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කිහිපයකින් COVID19 ආසාදිතයන් කිහිපදෙනකු හමුවී තිබෙනවා.
ඒම ආසාදිතයින් ප්‍රධාන නගර වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර ඔවුන් විශාල පිරිසක් ඇසුරු කර ඇති බව ද සඳහන්.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පැවතීම හේතුවෙන් දින තුනක් නුරාධපුර දිස්ත්‍රික්කයේ නගර කිහිපයක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව අද (28) හෙට (29) සහ අනිද්දා (30) දින තුන අනුරාධපුර එප්පාවල තලාව හා මැදවච්චියේ යන නගරවල සියලු වෙළඳ සැල් වසා තැබීමට පියවර ගැණුනා.
හඳුනා ගත් රෝගියාගේ ළඟම ඥාතීන් ගෙන් ලබාගත් ජෛව සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
2366 Views
Comments