APR
21
100කට සුවයි - 202ක් තවම රෝහලේ

අද(21) දිනය තුළ දී කොරෝනා ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 100 දක්වා ඉහළ ගොස් තිබේ.
අද උදෑසන තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 309 ක් ලෙස ඉහළ ගොස් තිබේ.
මෙම පුද්ගලයින් පස් දෙනා ද කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
708 Views
Comments