රන්ජන් 20වනදා තෙක් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

රන්ජන් 20වනදා තෙක් රිමාන්ඩ්

රන්ජන් 20වනදා තෙක් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රන්ජන් රාමනායක මහතා 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා අද (14) නියෝග කළා.

 

ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගැනුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මතයි.

 

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රන්ජන් රාමනායක මහතා හමුවීමට මාදිවෙල මන්ත්‍රී නිවාස වෙත පැමිණ තිබුණේ කැබ් රථයකින් ය.

 

ඇඳිරි නීති රෙගුලාසී උල්ලංඝණය කරමින් පැමිණි ඔහු මන්ත්‍රීවරයා හමුවීමට අවශ්‍ය බව නිවාස සංකීර්ණයේ රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට පවසා තිබුණි.

 

එහිදී ඇඳිරි නීති බලපත්‍රයක් නොමැති වීම පිළිබඳව පොලීසීය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

 

අනතුරුව එම ස්ථානයට පැමිණි රන්ජන් රාමනායක මහතා අදාළ නිලධාරීන්ට බැණ ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් අදාළ පුද්ගලයා සිය නිවාස සංකීර්ණයට රැගෙන ගොස් තිබුණි.

 

අනතුරුව රන්ජන් රාමනායක මහතා සහ අදාළ පුද්ගලයා මිරිහාන පොලීසීයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ ඇඳිරි නීතීය කඩ කිරීම සහ එය කඩ කිරීම සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ ය.

 

views

658 Views

Comments

arrow-up