ලංකාවේ දැන් සිටින්නේ රෝගීන් 153ක් පමණයි - නවතම වාර්තාව මෙන්න

නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 219ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. එම රෝගීන් ගෙන් 59 දෙනෙක් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
අද (14) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගියා බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය අයෙක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.
ඊයේ (13) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 08 දෙනා ගෙන් 07 දෙනෙක් බේරුවල ප්‍රදේශයේ අතර ඔවුන් ද පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිට තිබෙනවා. අනෙක් රෝගියා ජා-ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඒ අනුව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 153 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 07ක් වේ.
700 Views
Comments