රන්ජන්ව සොයා පැමිණි පුද්ගලයා තෙරපිස්ට් කෙනෙක් නොවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

රන්ජන්ව සොයා පැමිණි පුද්ගලයා තෙරපිස්ට් කෙනෙක් නොවෙයි

රන්ජන්ව සොයා පැමිණි පුද්ගලයා තෙරපිස්ට් කෙනෙක් නොවෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා බව පවසමින් පැමිණි පුද්ගලයා භෞත චිකිත්සක නිලධාරියෙකු නොවන බව රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

 

භෞත චිකිත්සකවරයෙකු සේවය කිරීම සඳහා වසර 4 ක උපාධියක් සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අවශ්‍ය වනවා.

 

මෙම පුද්ගලයාට එවැනි කිසිඳු සුදුසුකමක් නැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. කොරෝනා රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ සක්‍රීයතාව පවත්වා ගැනීමට භෞත චිකිත්සක නිලධාරීන් විශාල මෙහෙවරක් සිදු කරන මෙම අවස්ථාවේ ඔවුන්ගේ චිත්ත ධෛර්යයට හානිවන අයුරින් සිදු කරන ව්‍යාජ විෂමාචාර ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව එම නිලධාරීන්ගේ සංගමය හෙළා දකිනවා.

 

views

680 Views

Comments

arrow-up