ඉදිරි පැය 48 ඇතුළත ප්‍රශ්න වලට විසඳුම් - මනෝ ගනේෂන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

ඉදිරි පැය 48 ඇතුළත ප්‍රශ්න වලට විසඳුම් - මනෝ ගනේෂන්

ඉදිරි පැය 48 ඇතුළත  ප්‍රශ්න වලට විසඳුම් - මනෝ ගනේෂන්

එක්සත් ජාතික පක්ෂ  නායක ,විපක්ෂ නායක ,එක්සත් ජාතික පෙරමුණේ නායක ,යන ප්‍රශ්න සියල්ලටම ඉදිරි පැය 48 ඇතුළත විසඳුම් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

 

ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින්  පැවැත් වූ  සාකච්ඡාවෙන් අනතුරුවයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ.

 

මෙම සාකච්ඡාව සඳහා රාජිත සේනාරත්න පාඨලී චම්පික රණවක පලනි දිගම්බරන් අකිල විරාජ් කාරියවසම් රිෂාඩ් බදියුදීන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා.

 

මෙම සාකච්ඡාවෙන් අනතුරුව අද දිනයේ දී ම සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

views

814 Views

Comments

arrow-up