විපක්ෂ නායක ධුරය ඉල්ලා ලිපි දෙකක් - කතානායක දෙලොවක් අතර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

විපක්ෂ නායක ධුරය ඉල්ලා ලිපි දෙකක් - කතානායක දෙලොවක් අතර

විපක්ෂ නායක ධුරය ඉල්ලා ලිපි දෙකක් - කතානායක දෙලොවක් අතර

විපක්ෂ නායක ධුරය ඉල්ලා එක්සත් ජාතික පක්ෂය කථානායක කරු ජයසුරිය මහතාට ලිපි දෙකක් යොමුකර තිබෙනවා.

 

එක් ලිපියක් යොමුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමෙන්තු මන්ත‍්‍රි අකිල විරාජ් කාරියවසම් මහතා විසින්. ඒ රනිල් වික‍්‍රමසිංහ මහතාට විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරමින්. එම ලිපියට අකිල විරාජ් කාරියවසම් මහතා පමණක් අත්සන් තබා ඇති බවයි කථානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ.

 

සජිත් පේ‍්‍රමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස පත්කරන්නැයි ඉල්ලා කථානායකවරයාට තවත් ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපියට එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 40 දෙනෙකු අත්සන් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි නලින් බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

views

860 Views

Comments

arrow-up