මංගලගේ මිල සූත්‍රය අහෝසියි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
21

මංගලගේ මිල සූත්‍රය අහෝසියි

මංගලගේ මිල සූත්‍රය අහෝසියි

ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

MRP = V1 + V2 + V3 + V4 යහපාලන රජය විසින් හදුන්වා දී තිබූ මිල සුත‍්‍රයයි.

 

ඉන්ධන සඳහා පවතින මිල සූත්‍රය සැකසීමේදී මෙම ඉන්ධන වරායේ ගොඩබෑම සඳහා වන පිරිවැය, එය සැකසීම සඳහා වන පිරිවැය, පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය යන දර්ශක හතරේ එකතුවෙන් සකස් කරගන්නා ඉන්ධන සඳහා වන උපරිම  සිල්ලර මිල (Maximum Retail Price)  තීරණය කෙරෙන බවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සදහන් කර තිබුණේ.

 

2018 මැයි 10 වැනිදා සිට හඳුන්වාදීම ඇරඹුණු මෙම මිල සූත්‍රය රහසිගතව තබා ගැනීමට කටයුතු කර තිබූ අතර පසුව ජනතා විරෝධය හමුවේ මාධ්‍ය ඉදිරියේ පෙන්නුම් කළේ MRP = V1 + V2 + V3 + V4 ලෙසයි.

views

747 Views

Comments

arrow-up