ශ්‍රී ලංකා ඉතිහාසය තුල ප්‍රථම සහෝදර ජනාධිපති හා අගමැති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවුණා.
චාම් හා අභිමානවත් උත්සවයකදීයි මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම සිදුකෙරුණේ. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහභාගි වුණා. එමෙන්ම මැතිඇමතිවරුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.
1970 වසරේදී බෙලිඅත්ත ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා එවකට පාර්ලිමේන්තුවේ සිටි ලාබාලතම මන්ත්‍රීවරයායි.
2004 වසරේදී ඒ මහතා මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. 2005 වසරේ විධායක ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ රාජ්‍ය නායකයෙක්.
ශ්‍රී ලංකා ඉතිහාසය තුල සහෝදරයන් දෙදෙනකු ජනාධිපති හා අගමැති තනතුරු දෙක දරමින් කටයුතු කරන පළමු අවස්ථාව මෙය වනවා.
1030 Views
Comments