ලන්ඩනයේ සිටි තවත් ලාංකිකයින් 194ක් ලංකාවට රැගෙන එයි

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන එම විශේෂ ගුවන් යානය අද අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා වුණා.
මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ තිබුණා.
මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටයුතු කර තිබුණා.
663 Views
Comments