රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු වලට සුදුසු අය තෝරන්න ජනපතිගෙන් කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු වලට සුදුසු අය තෝරන්න ජනපතිගෙන් කමිටුවක්

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු වලට සුදුසු අය තෝරන්න ජනපතිගෙන් කමිටුවක්

රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරුවලට සුදුසුකම්ලාභී වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා 6 දෙනෙක්ගෙන් යුත් කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබෙනවා.

 

රාජ්‍ය ආයතන, රාජ්‍ය ව්‍යවසාය, රජය සතු වාණිජ ව්‍යවසායන්හි ප්‍රමුඛ තනතුරු සඳහා මෙම කමිටුව විසින් නිලධාරීන් තෝරා පත්කර ගැනීමට නියමිතයි.

 

තෝරා පත් කර ගැනීමට සුදුසු වෘත්තිකයන්ගේ නම් දෙසැම්බර් 18 වැනිදාට පෙර මෙම කමිටුව විසින් නිර්දේශ කළ යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

කැබිනට් ඇමැති මණ්ඩලයේ හිටපු ලේකම් සුමිත් අබේසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් කමිටුවට ජෝන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක, සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ‘හෙළ’ ඇඳුම් සමාගමේ සභාපති ඩයන් ගෝමස්, ස්නායු ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරු ඇතුළත් කර සිටිති.

views

646 Views

Comments

arrow-up