ෆවුසිට අත නැති වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ෆවුසිට අත නැති වෙයි

ෆවුසිට අත නැති වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා සහ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කළ බව මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

 


පක්ෂ මූලස්ථානයේදී ඊයේ(21) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

 


මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රගතිය සහ පක්ෂ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී අවධානය යොමුව තිබේ.

 


ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා වත්මන් ජනාධිපතිවරයාට උපරිම සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

 


ඉදිරි මහ මැතිවරණයේදීත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

 

views

775 Views

Comments

arrow-up