අගුලනනේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ - ගාල්ල ප‍්‍රධාන මාර්ගයේ අගුලාන මංසන්ධියේ පිහිටි මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇති වී තිබෙනවා. රසායනික ද්‍රව්‍ය ගබඩාවක මෙම ගින්නක් අද අලුයම හටගෙන තිබෙන්නේ.
ගින්න නිවීම සඳහා ගිනි නිවීම් ඒකකවලින් ගිනි නිවීම් රථ 15 ක් පමන යොදා ගෙන තිබෙනවා .
ගින්න ඇතිවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ පුද්ගලයින් රැදී සිටියේ දැයි තවමත් තහවුරු කර ගෙන නැහැ. සිදුවූ හානියද ඇස්තමේන්තු කර නොමැති බව පොලීසිය පැවසුවා.
ගින්නට හේතුව තහවුරු කර ගැනීම සදහා විමර්ශන සිදුකරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.
604 Views
Comments