අංගොඩ ලොක්කා මියගිය බව ඉන්දියා වාර්තා තහවුරු කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජිවිතක්ෂයට පත්ව ඇති බවට පසුගිය දිනවල ප්‍රචාරය වූයේ ඔහුගේ පෙම්වතිය බව කියන තැනැත්තියක ඔහුට වසදී ඇතිය යන කාරණාවද සමගිනි.
ඇය අංගොඩ ලොක්කා රවටා බීම වර්ගයකට වස කලවම් කර පානය කරන්නට සැලැසූ බව ඇය විසින්ම අංගොඩ ලොක්කාගේ සොයුරියක වෙත වීඩියෝ සාක්ෂි සහිතව දන්වා එවා තිබූ අතර එම ආරංචිය සිරගෙදර පාතාල කල්ලි අතරටද සන්නිවේදනය වී එය සත්‍යයක් ලෙස පිළිගෙන තිබුණි.
මේ අතරවාරයේ ශ්‍රී ලංකා පොලිසිය ඒ ගැන තවම තහවුරු වී නැති බවට ප්‍රකාශ කර තිබූ අතර ඒ ගැන තවමත් සොයමින් පවතින බව පමණක් දන්වා තිබුණි. මේ අතර ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රස් ඇතුළු මාධ්‍ය ගණනාවක් අංගොඩ ලොක්කා මියගිය ආරංචිය තහවුරු කරමින් වාර්තා පළකර ඇත.
අංගොඩ ලොක්කා මියගිය බවට මින් පෙරද වාර්තා පැමිණි ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේ පොලිසිය උපුටමින් එරට මාධ්‍ය මෙය තහවුරු කර තිබේ.
ඉන්දියන් එක්ස්ප්‍රස් සදහන් කරන්නේ මෙසේයි.....
ශ්‍රී ලංකාවේ පාතාල රජු වන අංගොඩ ලොක්කාගේ මරණය කොයිම්බතූර් පොලිසිය විසින් ඉරිදා තහවුරු කරන ලදී. ජුලි 3 වන දින ඔහුගේ මරණයෙන් පසු අවශ්‍ය වූ අපරාධකරු වෙනුවෙන් හැඳුනුම්පත් සකස් කර මධුරෙයිහිදී ආදාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජාතිකයෙකු ඇතුළු එක් පිරිමියෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි අංගොඩ ලොක්කා අවම වශයෙන් අවුරුදු දෙකක්වත් නගරයේ සැඟව සිටින්නට අැති.
හෘදයාබාධයක් හේතුවෙන් වාර්තා වූ ජුලි 3 වන දින අවශ්‍ය වූ මිනිසාගේ මරණයෙන් පසු, තිදෙනා ඔහුගේ දේහය ආදාහනය සඳහා රැගෙන යාම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කළ බව පොලිස් වාර්තාවක් පවසයි.
මෙම තිදෙනාට අයිපීසී 120 බී, 177, 182, 202, 212, 417, 419, 466, 468 සහ 471 යන වගන්ති යටතේ නඩු පවරා රිමාන්ඩ් භාරයේ තබා ඇති බව පොලිසිය පවසයි.
767 Views
Comments