බදියුදීන්ගෙන් CIDය අදත් ප්‍රශ්න කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
27

බදියුදීන්ගෙන් CIDය අදත් ප්‍රශ්න කරයි

බදියුදීන්ගෙන් CIDය අදත් ප්‍රශ්න කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටිනවා.

 

ඒ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීමට සඳහා පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුවයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වව්නියාව කාර්යාලයටයි රිෂාඩ් බදියුදීන් මහතා  වාර්තා කර ඇත්තේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන් අවස්ථා දෙකකදිම ඔහු පැමිණියේ නැහැ.

 

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නොතිසියකට අනුවයි රිෂාඩ් බදියුදීන් මහතා අද  දිනයේ අපරාධපරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ.

 

 

views

649 Views

Comments

arrow-up