රවී තවමත් CID යේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටිනවා.
රවී කරුණානායක මහතාට අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද පසුගියදා නියෝග කළා. ඒ අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කළ ඉල්ලීමකට අනුවයි.
මහ බැංකු බැදුම්කර සිද්ධියේ දෙවන සැකකරු වන රවී කරුණානායක මහතාට විමර්ශනවලට සහාය වන ලෙස අධිකරණය දන්වා තිබුණා.
එහෙත් පොලිසිය දැනුම් දුන් දින ගණනාවකදීම මැතිවරණය හේතුවක් කර ගනිමින් ඔහු පැමිණියේ නැති බවයි ඇය කියාසිටියේ.
බැදුම්කර ගනුදෙනු විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබා දීමේ චෝදනාවට ගොනුකර ඇති නඩුවට අදාළව ප්‍රකාශ ලබා දෙන ලෙස ද කරුණානායක මහතාට දන්වා ඇතත් ඔහු එම නියෝග ද මග හරිමින් සිටින බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවේ.
ඒ අනුවයි ඔහුට අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කෙරුණේ.
642 Views
Comments