බැංගලෝර් සිට තවත් සිසුන් 164ක් දිවයිනට පැමිණෙයි

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් ඉන්දියාවේ බැංගලෝර් වල දුෂ්කරතාවට පත්ව සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.
සිසුන් 164 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස අද(28) දහවල් දිවයිනට පැමිණ ඇත.
සිසුන් පිරිස ඉන්දියාවේ බැංගලෝර් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1172 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.
මෙම සිසුන් ඩකා බැංගලෝර් රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර, ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදුවිණි.
ඔවුන් ගුවන් තොටුපළ තුළ දී විෂබීජහරණයට ලක් කිරිමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ බස් රථ මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.
578 Views
Comments